gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇමති ලාල් ටිකක් සැර වෙයි... නීතිය හැර අනිත් හැම තැනකටම අත තියයි!

රටේ නීතියට අත නොතබන මුත් නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බේදයකින් තොරව අනිකුත් හැම තැනටම අත තැබීමට පසුබට වන්නේ නැති බව කෘෂිකර්ම, වාරි මාර්ග, පශු සම්පත් හා ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සදහන් කරයි.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සදහන් කළේ

“ලැබුණ ජනවරමට අනුව අදාළ වෙනස් කම් සිදු කිරීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. කුමන හෝ වෘත්තියක නිරත කණ්ඩායමක් වුවත් අපට අත නොතියා අනෙක් අයට අත තබා රට වෙනස් කිරීම සුදුසු යැයි සිතනවා නම් ඒක වරදක්. එහෙම කරලා රට ගොඩ නැගිය නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතුයි.

අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කර යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගා ගැනීම වෙනුවෙන් අරගල ගොඩක් සිදු වුණා. ගෝල්ෆේස් අරගලය නමින් ක්‍රියාත්මක වූ පුරවැසි අරගලයත් ඒ අතරින් එකක්, එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මාලිමාව බලයට ආවේ.

දැන් අපි උත්සහ කරනවා සමාජයේ පවතින තවත් දේවල් වෙනස් කරන්න. සමහරු හිකාගෙන ඉන්නවා දේශපාලනය හැදුවීම ඔක්කොම හරි කියලා. අපිට වගකීමක් තිබෙනවා දේශපාලනය වගේම අනෙකුත් වෘත්තීන් හා එහි නියැළී සිටින අයගේ ආකල්පත් වෙනස් කිරීම සඳහා මැදිහත් වෙන්න. ඒ මැදිහත් වීම කරන විට ප්‍රශ්න පැන නගිනවා.

රජයේ සේවකයන් කල්පනා කරනවා ඒ අයට අත නොගියා අනිත් අයට අත තියලා මේක හදන්න ඕන කියලා. බස් සංගම් නියෝජිත පිරිසක් කියනවා අපිව අත තියන්න එන්න එපා ඔය ගොල්ලෝ අනිත් අයට අත තියලා රට හදන්න කියලා. ජනමාධ්‍යවේදීන් විශේෂයෙන් යුටියුබලා හා සමාජ මාධ්‍ය ජාලා පවත්වා ගෙන යන අය කියනවා අපිට නම අප තියන්න එන්න එපා, අනිත් අයට අත තියලා රට හදන්න කියලා.

වෛද්‍යවරු කියනවා අපිට වෙනදා වගේ ඉන්න දෙන්න අනිත් අයට අත තියලා රට හදන්න. ඒක ඔයාලගේ වගකීම කියලා, පොලිසියට අත තියන්නේ නැතුව මේ රට හදන්න කියලා පොලිසිය කියනවා. හැබැයි මේ විදිහට ගියාම කාටවත් අත තියන්න බැහැ. මේ රට හදන්න නම් ජනමාධ්‍ය ධනාත්මකට විශේෂ වෙනස් වීමකට ලක්විය යුතුයි.

අපිට අත තියන්න අනිත් අතට අත තියලා වැඩ කරගන්න කියලා හැමෝම කිවොත් කාටවත්ම අත තියන්න වෙන්නේ නැහැ. අපිට අත තියන්න ආවොත් වර්ජනය කරනවා කියලා සමහරු තර්ජනය කරනවා. කවුරුවත් නීතියට අත තියන්න එන්න එපා. අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ජනතාව අපිට බලය දුන්නේ ඒකටයි. අපි නීතියට අත තියන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අනිත් තැන්වලට අත තියනවා.”

පසුගියදා ගම්පොළ ප්‍රදේශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මේ බව සදහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka