gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒකාධිකාරිය කුඩුපට්ටම්.. මිල 200 ගුණයකින් අඩු කරයි

ඇතැම් සමාගම් පසුගිය කාල සීමාවේදී ඒකාධිකාරියක් පවත්වා ගනිමින් රටට ඖෂධ ආනයනය කළ බවත් එය බිඳ දැමීමත් සමඟ එදා රුපියල් 76,000කට පිළිකා රෝගීන්ට ලබාදුන් ඖෂධයක් අද රුපියල් 370කට මිලට ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකි වී තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි සදහන් කරයි.

පැවති ඒකාධිකාරිය බිඳ දමා සමාගම් කිහිපයකට අදාළ ඖෂධය ගෙන ඒමට අවස්ථාව ලබාදීමෙන් එහි මිල 200 ගුණයකින් අඩු කර ගැනීමට හැකි වූ බවද උඩුනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැති හංසක විජේමුනි සදහන් කරයි.

නියෝජ්‍ය ඇමැති හංසක විජේමුනි සදහන් කළේ,

“පිළිකා රෝගීන් සඳහා ලබාදෙන මේ එන්නත අපි රජය භාරගන්න අවස්ථාව වන විට සෞඛ්‍ය අමාත්‍යංශය මිලදී ගෙන තිබුණේ රුපියල් 76,000 කටයි. ඒකාධිකාරිය බිඳ දමා අපි මේ එන්නත ගෙන්වන්න සමාගම් තුනකට අවස්ථාව දුන්නා.

දැන් ඒක අපි මිලට ගන්නේ රුපියල් 370කට. කලින් 76,000ට දුන්න සමාගමත් දැන් 370ට දෙනවා. පාසල්වල අලුත්වැඩියා කටයුතු සදහා අවශ්‍ය වෙන්නේ රුපියල් මිලියන දෙක තුනක මුදලක්. අපි ඒවා හදාගන්න මොනතරම් නම් හීන දකිනවාද.?

සෞඛ්‍ය අමාත්‍යංශය මාසයක් කල් ඉකුත් වූ රුපියල් බිලියන ගණනක බෙහෙත් පුලුස්සා විනාශ කරනවා. පුත්තලමේ සිමෙන්ති කම්හලේදී තමයි ඒවා පුච්චන්නේ. මේවා ඇත්තටම අපරාධ. නීත්‍යනුකූලව මිලදී ගත් ඖෂධ තමයි මේ විදිහට පුච්චන්නේ. අපි මේවා වෙනස් කළ යුතුයි.”
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka