gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

G.රාජපක්ෂ නාඳුනන ගෝඨාගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කරයි

කත­ර­ගම මැණික් ගඟට යාබ­දව ඇති රජයේ රක්ෂි­ත­යට අයත් ඉඩම් කොට­සක නීති විරෝධී ලෙස ඉදි­කර ඇති කාමර 12ක පමණ වූ ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කරනු ලබන විම­ර්ශ­න­යට අදා­ළව ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් පසු­ගිය 17 වෙනි­දා ප්‍රශ්න කර ඇත.

එහිදී එම ගොඩනැගිල්ල සඳහා ජී. රාජ­පක්ෂ නමින් ලැබෙන විදුලි බිල සම්බ­න්ධ­යෙන් තමා කිසි­වක් නොදන්නා බවත් එම ගොඩ­නැ­ඟි­ල්ලට තමාගේ කිසිදු සම්බ­න්ධ­යක් නොමැති බවත් හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පවසා තිබේ.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කර ඇති විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත්තේ මෙම ඉදි­කි­රීම සිදු­කර ඇත්තේ 2010 වස­රට පෙර­ බවත් එම ඉදි­කි­රීම් හමු­දාවේ කණ්ඩා­ය­ම­කගේ ශ්‍රම දාය­ක­ත්ව­යෙන් සිදු­කර ඇති බවත් ය.

කෙසේවෙතත් එම ඉදි­කි­රී­ම්ව­ලින් පසු එම ගොඩ­නැ­ඟිල්ල බලා කියා­ගෙන සිට ඇතැයි පැව­සෙන්නේ යෝෂිත රාජ­පක්ෂ මහ­තාගේ ආර­ක්ෂා­වට යොදවා සිට ඇතැයි පැව­සෙන්නේ එම නාවික හමුදා සාමා­ජි­ක­යෙකි.

ඒ සම්බ­න්ධ­යෙන් යෝෂිත රාජ­පක්ෂ මහ­තා­ගෙන්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ඉකුත් 03 වෙනිදා ප්‍රශ්න­කර තිබූ අතර එහිදී ඔහු පවසා තිබුණේ එම ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් තමා කිසි­වක් නොදන්නා බවයි.

ඉකුත් දෙසැ­ම්බර් 27 වැනි­දා යෝෂිත රාජ­පක්ෂ මහ­තා­ගෙන් ප්‍රශ්න කිරී­මට පෙර හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රියා වූ මේජර් නෙවිල් වන්නි­ආ­රච්චි මහ­තා­ගෙන්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රශ්න කළ අතර රජයේ රක්ෂි­ත­යක ඉදි­කර ඇති මෙම ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් යහ­පා­ලන ආණ්ඩුව සමයේ දී ද විම­ර්ශ­න­යක් ආරම්භ කළත් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා වීමෙන් අන­තු­රුව එම විම­ර්ශ­නය ඇන­හිට තිබුණි.

කෙසේවෙතත් එම ගොඩ­නැ­ඟි­ල්ලට ලබා­ගෙන ඇති විදු­ලි­යට බිල්පත් ලැබෙන්නේ ජී. රාජ­පක්ෂ නමැති අයෙ­කුගේ නමිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka