පාස්කු ප්‍රහාරය අලුත් අතකට! ISIS පුහුණුව ලැබූ අලුත් සැකකරුවකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කරයි! සැකකරු රහස් ප්‍රකාශයකුත් දෙයි!
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ විමර්ශන කඩිනම් කර ඇතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන වෙත ඊයේ (08 වැනිදා) දන්වා සිටියේය.
අයි.එස්.අයි.එස්. වැනි ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධව පුහුණුව ලබා මෙරටට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් නමැති සැකකරුවකු අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරිහු අධිකරණය වෙත එලෙස දන්වා සිටියහ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශනවලදී පුද්ගලයන්ගෙන් අනාවරණ කරගත් තොරතුරු අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවද ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු දන්වා සිටියහ.
අදාළ සැකකරු අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක්ද දුන්නේය.
අදාළ සැකකරු නීතිපති උපදෙස් ලැබෙනතුරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පාස්කු ප්‍රහාරය අලුත් අතකට! ISIS පුහුණුව ලැබූ අලුත් සැකකරුවකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කරයි! සැකකරු රහස් ප්‍රකාශයකුත් දෙයි!
2025-01-09T10:34:00+05:30
Gossip Lanka Hot News






