gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය නිලධාරීන් දොර වහයි.. කෙහෙළියගේ කාලයේ සෙල්ලම් තවමත් එහෙමමයි!

ඖෂධ මාෆියාවට සම්බන්ධ ඖෂධ නියාමන අධිකාරියේ සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ උසස් නිලධාරීන් අලුත් සමාගම් සහ ලියාපදිංචිය අලුත් කිරීමට ඉදිරිපත්ව සිටින ඖෂධ සමාගම් 1,500 කට ඉඩ නොදෙමින් ඖෂධ සමාගම් ඒකාධිකාරයක් නිර්මාණය කරගෙන ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජිව සදහන් කරයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ සපයන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර නොගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යංශය, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ දූෂිත නිලධාරීන් එක්ව අලුත් සමාගම්වලට ඉඩ නොදෙමින් දූෂිත සමාගම්වලින්ම ඖෂධ මිලදී ගන්නා බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජිව සදහන් කරයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ කාලයේදී දූෂිත ගනුදෙනුවලට හවුල් නිලධාරීන් තවමත් එම තනතුරුවල සිටින බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජිව සදහන් කරයි.

ඒ නිසා ඖෂධ මාෆියාව නවතා ප්‍රමිතියෙන් යුත් ඖෂධ මෙරටට ගෙන්වා ගැනීමට නම් දූෂිත සෞඛ්‍ය නිලධාරීන් වහාම එම තනතුරුවලින් ඉවත් කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජිව සදහන් කරයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka