gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගැමුනුගෙ බොරු ලයින්.. ආණ්ඩුව කෙලින්.. වර්ජන සුන්!

පොලිසිය විසින් බස් රථවලට සිදුකරන අනවශ්‍ය බලපෑම් සහ නීති ක්‍රියාත්මක කිරීමේ අසමානතාවයන්ට විරෝධය පළකරමින් පෞද්ගලික බස්රථ සංගම් විසින් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට ඊයේ (7) එකඟතාවකට එළැඹ තිබුණි.
එහෙත්, අද පෞද්ගලික බස්රථ සංගම් නියෝජිතයින් සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර පැවති සාකච්ඡාවේදී, බස් රථවල අනවශ්‍ය කොටස් ඉවත් කිරීම සඳහා ලබාදුන් සහන කාලය දීර්ඝ කිරීමට එකඟ වීම මත පෞද්ගලික බස්රථ සංගම් විසින් සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත බස් වර්ජනය අත්හිටුවා ඇති බව සංගම් නියෝජිතයින් ප්‍රකාශ කරයි.

පොලිස් රථවාහන අංශය විසින් මෙම අමතර අලංකරන උපාංග ඉවත්කිරීම සඳහා මුලින්ම නියම කර තිබූ සහන කාලය ජනවාරි 17 දක්වා වූ අතර පෞද්ගලික බස්රථ හිමියන්ගේ ඉල්ලීම් මත මෙම කාලය දීර්ඝ කිරීමට තීරණය වී ඇත.

ඒ අනුව මෙම කාල සීමාව තුළ බස් රථවල සවිකර ඇති අධික හඬ සහිත නළා, යකඩ බාර්, අනවශ්‍ය විදුලි බල්බ, සැරසිලි, සහ වෙනත් නීති විරෝධී අමතර කොටස් ඉවත් කිරීමට රියදුරන්ට අවස්ථාව ලබා දී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka