gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැ.බ. පොලිස්පති පාතාල මර්ධන සීන් ගැන ලොරි ටෝක් දී ගියා පමණයි… යාපනයේ මැර කල්ලියක් එළිපිට මිනිස්සු කපන්න පටන් ගනී! (වීඩියෝ සහිතයි)

යාපනය නගරයේ මත්පැන් ශාලාවකට මුහුණු වසාගෙන කලු ඇදුම් වලින් සැරසුණු පිරිසක් බලහත්කාරයෙන් ඇතුලු වී එහි සිටි පුද්ගලයින් කීප දෙනෙකුට පහර දී දෙදෙනෙකුව කඩු වලින් කපා කොටා තුවාල සිදු කොට තිබේ.

ඊයේ (04) සිදුවන මේ පහරදීම් හා කඩුවලින් කැපීමේ සිද්ධීන් නිසා තුවාල ලැබූ පුද්ගලයින් තුන් දෙනෙකු මේ වන විට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

එසේ තුවාල ලැබූ පුද්ගලයින් තුන් දෙනා දෙනා මත්පැන් පානය කිරීමට හා මිලට ගැනීමට වෙළෙඳසල වෙත රාත්‍රී කාලයේ පැමිණ සිටි පිරිස අතර සිටි අය වේ.

වැඩ බලන පොලිස්පතිවරයා යාපනයට පැමිණ අපරාධකරුවන් හා පාතාල කණ්ඩායම්වලට සම්බන්ධ පිරිස ඉතා ඉක්මනින් අත් අඩංගුවට ගන්නා බවට සහතික වී පැය දහයක් ගතවීමටත් පෙර මෙම සිදු වීම සිදුව තිබේ.

මෙම පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.

කෙසේ වෙතත් සිය මත්පැන් හල තුළට කඩා වැදුණු පිරිසක් මෙලෙස හැසිරීමෙන් බියට පත් එම මත්පැන් ශාලා හිමියා සිය වෙලඳසල එම සිද්ධියෙන් පසුව මෙතෙක් යළි විවෘත කොට නොමැත.

මේ අතර මීට දින කීපයකට පෙර යාපනයේ තරුණයින් පිරිසක් නීතිය අතට ගෙන නගරය මැද සාදයක් පවත්වා මහමග ගමන් කරමින් සිටි පිරිසට ඉවක් බවක් නොමැතිව පහර දීමේ සිද්ධි දෙකක් දින දෙකකදී වාර්තා වුණි.
මේ සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට පළාතේ තරුණයින් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ මේ වන විට අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඔවුන් බීමත්ව බස් රථ රියදුරන්ට පහර දීම හෝටල් හිමියන්ගෙන් කෑම ඉල්ලා එය ලබා දීම ප්‍රතික්ෂේප කළ විට හෝටල් කුඩු කිරීම පාරේ යන එන පිරිසට පොලු වලින් පහර දී ඔවුන්ගේ මුදල් කොල්ලකෑම වැනි අපරාධ සිදු කරන්නට පටන් ගෙන තිබේ.

පොලීසිය හා ආරක්ෂක අංශ සාමාජිකයින් විශාල පිරිසක් යාපනයේ සිටියදී තරුණයින් පිරිසක් නීතිය ඔවුන් අතට ගෙන ඔවුන්ට කැමති ආකාරයට කටයුතු කිරීම පිළිබඳව යාපනයේ පොදු මහජනතාව දැඩි කනස්සලල්කට පත්ව සිටිති.

-දිනසේන රතුගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka