gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආණ්ඩුව රටට කියන්නේ එකක් කරන්නේ තව එකක්…. හරිනි යන්නේ පාරවල් තුනක් වහගෙන වාහන තුනක…! – චමින්ද විජේසිරි….

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේ පසුපස දොරටුවන් පිටවන්නේ වාහන තුනකින් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

අගමැතිනිය වොල්වෝ රථයකින් පිටවෙන බවත් ඒ අවස්ථාවේ මාර්ග තුනක් වසා ඇයට ඉඩ සලසා දෙන බවත් ඔහු හෙළිකළේ අගමැතිනියගේ නිල රථයේ අංකය ද පවසමිනි.

තම ජංගම දුරකථනයෙන් එම අවස්ථාව වීඩියෝ ගත කර ඇති බවත් තමා අසත්‍යයක් කියන්නේ යැයි චෝදනා කරන්නේ ඕනෑම පරීක්ෂණයට මුහුණ දීම සූදානම් බවත් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් ඔහු අභියෝග කළේය.

චමින්ද විජේසිරි මේ බව සඳහන් කළේ ස්වර්ණවාහිනි නාලිකාවේ රතු ඉර වැඩසටහනට එක්වෙමිනි.

ඒ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සිය ආණ්ඩුවේ කිසිවෙකු ආරක්ෂකයන් පිරිවරා රථ පෙළපාළිවලින් ගමන් නොකරන බවත් එසේ කරන්නේ යැයි ඔප්පු කළහොත් වැඩසටහනින් නැගිට යන බවට අභියෝග කළ අවස්ථාවේය.

කෙසේ වෙතත් නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා වැඩසටහනින් නික්ම නොගිය අතර අදාළ වීඩියෝ පිළිනොගන්නා බව සඳහන් කළේය.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් මේ වන විට රේන්ජ්රෝවර් වර්ගයේ ජීප් රථ නවත්වා ඇති බවත් චමින්ද විජේසිරි සඳහන් කළේ ඒවායේ ඡායාරූප ද ප්‍රදර්ශනය කරමිනි.
-emanisa
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka