අදානිගේ මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල මෙගාවොට් 484 ක සුළං බලාගාර ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය සහ නොමඟ යවන සුළු බව Adani සමූහ ව්‍යාපාරව අද නිවේදනය කළේය. එම සමූහයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අද අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් කරන ආයෝජන සඳහා තම සමාගම තවදුරටත් කැපවී සිටින බවය.
මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල මෙගාවොට් 84ක සුලං විදුලි ව්‍යාපෘතියක් සඳහා අදානි සමූහය ඇමරිකානු ඩොලර් බිලියනයක් ආයෝජනය කිරීමට මේ වනවි ඉදිරිපත් වී සිටින බවත් මෙම ව්‍යාපෘතිය අවලංගු කර නොමැති බවත් අදානි සමූහයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් 2025 ජනවාරි 2 දින ගත් කැබිනට් තීරණය මගින් සිදුවන්නේ ,2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු සංශෝධනය පිළිබඳව නැවත ඇගයීම යැයි එම නිවේදනයේ සඳහන් වේ.
වත්මන් බලශක්ති ප්‍රතිපත්තිය යතේ ප්‍රමුඛතා කාර්යයන් සලකා බලමින් ඊට අනුගත වන ආකාරයෙන් ගාස්තු ක්‍රමය සකස් කිරීමට සලකාබලන බව ද අදානි සමූහය කියයි.
එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ පුනර්ජනනී බලශක්තිය ඉලක්ක සහ ආර්ථික අභිවෘද්ධිය සඳහා ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ සිදුකිරීමට යන ඩොලර් බිලියනයක ආයෝජනය වෙනුවෙන් තමන් තවදුරටත් කැපවී සිටින බවය.
-lankasara