ප්‍රවීණ ගායක කසුන් කල්හාර 2025 වසර ආරම්භයේදීම අලුත් ගීතයක් 'අහස මීඩියා වර්ක්ස්' සමග එක්ව පසුගියදා එළිදක්වනු ලැබුවා. මෙහි විශේෂත්වය වන්නේ ගීතයේ සම්පූර්ණ වීඩියෝවම AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර තිබීමයි.
" නුඹ කොහේ සැඟවුනිද " යන හිසින් යුතුව මෙම ගීතය පසුගිය දිනක යූටියුබ් අවකාශයට මුදා හැර තිබෙනවා.
මෙම ගීතය රචනා කර ඇත්තේ ජනප්‍රිය දේශකවරයකු වන චරිත දිසානායක විසින් වන අතර, AI තාක්ෂණය ඔස්සේ මෙම වීඩියෝ ව නිර්මාණය කර ඇත්තේ දිදුල චාමර විසිනි.
ගීතයේ නිෂ්පාදන හිමිකම අහස මීඩියා වර්ක්ස් දරනු ලබයි.