gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වාහන ගේනවා.. ඒව චුට්ටක් මිල වැඩිවෙයි.. මං යන්නේ වාහන තුනක විතරයි..- ජනපති

පෙබරවාරි මස පලවෙනිදා සිට වාහන ආනයනය කිරීමට අවසර ලබා දෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. එහිදී චුට්ටක් වාහන මිල ඉහළ යනු ඇති බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ හෝමාගමදී පවත්වන ලද ජාතික ජන බලවේග ජන හමුවක් අමතමිනි.

පෙර ආණ්ඩුවල මෙන් වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වාහන පෙළපාලි නොයන බවත් සියලුම ඇමතිවරුන් පාවිච්චි කරන්නේ එක් වාහනයක් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.

වාහන තුනක් ගියොත් ඒ තමන් බවත් එකක තමන් යන බවත් එය දෝෂයකට ලක් වුණොත් ගමන් කරන්න තව වාහනයක් යන බවත් ආරක්ෂක නිලධාරීන් අනෙක් වාහනයේ එසේ යන බවත් හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka