gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජිත් අඩුපාඩු හදා නොගත්තොත් බොහෝ දෙනෙක් එජාපයට යයි… මම නම් යන්නේ නෑ..! – හිරුණිකා…

සමඟි ජන බලවේගයේ ප්‍රති-සංවිධාන කටයුතු සිදුකර සජිත් ප්‍රේමදාසගේ ද අඩුපාඩු නිවැරදි කරගෙන ඉදිරිගමනක් නොගියහොත් බොහෝ දෙනා යළි එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

“දැන් මතයක් තියෙනවා සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා යන්න ඕනේ කියල. සමහරක් කට්ටිය කැමතියි. සමහරක් කට්ටිය කැමති නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ගන්න ඕන තීරණයක් ඒක. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කරලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ යම් යම් අඩුපාඩු හදාගෙන ගියේ නැත්නම් බොහෝ දෙනා සජිත් ප්‍රේමදාස මහත්තයව අතහැරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ළඟට යයි. මගේ නම් එහෙම බලාපොරොත්තුවක් නැහැ. මම මේ පක්ෂයේම දිගටම ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

මොකද මේ අලුතින් හදපු පක්ෂය ඇතුලේ මට තාම ලොකු වගකිමක් තියෙනවා මට ඡන්දය දුන්න මිනිස්සුන්ගෙන් ඡන්දය ලැබුණේ ටෙලිෆොනයට කතිරය ගහපු නිසා. නායකත්වය තීරණය කළොත් අපි සාකච්ජා කරනවා ඉස්සරහට මොකක්ද කරන්නේ කියල, මට හිතෙන්නේ මෙහෙමයි. සමහර පාක්ෂිකයෝ කියනවා එකතුවෙන්න ඕනේ කියල.

සමහර පාක්ෂිකයෝ කියනවා එකතු වෙන්න ඕනේ නැහැ කියල. සජිත් ප්‍රේමදාස මහත්තය පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කරන්නේ නැතුව ගියොත් අන්තිමට සියලුම පාක්ෂිකයෝ කියයි එකතුවෙන්න ඕනේ කියල. අපි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයට මෙතනට ආපු කට්ටිය.

එතුමා වෙනස් වෙලා එතුමාගේ නායකත්ව ලක්ෂණ වෙනස්වෙලා එතුමාගේ වටේ අඩුමගානේ වැඩක් කරන්න පුළුවන් පිරිසක් එකතුකරගෙන මේ ගමන ගියොත් කා එක්කවත් එක්කහු වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා එතුමා තීරණය කරන්න ඕනේ මොකක්ද ඉස්සරහට කරන්නේ කියල.”
-emanisa
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka