ඇතැම් ජන මාධ්‍යවල කණ්ඩායම් අද රට ක්ලීන් වනවාට කැමති නැති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
නමුත් ජනතාව ඉල්ලා සිටින්නේ ක්ලීන් කිරීමට බවත් එනිසා ක්ලීන් කිරීම අඛණ්ඩව සිදුකරන බවත් ඒ මහතා කියා සිටියේය.
මාධ්‍යද ක්ලීන් වන්නේ නම් හොඳ බව ද පසු පැවසූ ඔහු නමුත් මාධ්‍ය මොනවා කිව්වත් තම ගමන නතර නොකරන බවත් පැවසුවේය.
කොළඹ පැවති උත්සව අවස්ථාවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.