gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හොර කන්ටේනර් ගැන ජනපතිගෙන් ප‍්‍රකාශයක්!

නීති විරෝධී ආකාරයට මෙරටට ආනයනය කරන ලද බහාලුම් ප්‍රමාණයක් රේගුවේදී විවෘත කළ බැලූ අවස්ථාවේ එහි ප්‍රසිද්ධ සමාගමක ලේබල් අලවා තිබී ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නමුත් එම බහලූම් මෙරටට ආනයනය කරන ලද්දේ කවුරුන් විසින් දැයි සදහනක් රේගුව සතුව නොමැති බවත් ජනාධිපතිවරයා පැවසුවේය.

ජනතාව ද ආකල්පමය වශයෙන් වෙනස් යුතු බවත් කී ඔහු වර්තමාන දේශපාලන අධිකාරිය එම යහපත් ගුණාංගය ගෙන ඇවිත් ඇති බවද කියා සිටියේය.

මිනිසා තුළ පරිවර්තනීය වෙනසක් ඇති නොකර රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බවද පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද පැවසුවේය.

කොළඹ ශැංග‍්‍රිලා හෝටලයේ පැවති ආර්ථික සමුළුව අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka