ලංවිම යෝජනාව පිළිගන්න බෑ… විදුලි බිල 12%කින් අඩු කරන්න පුළුවන්..! – මහජන උපයෝගිතා කොමිසම…
විදුලි ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බවට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණ ද 2025 පළමු කාර්තුව තුළ එම ගාස්තුව 11.8%කින් පහළ දැමිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
විදුලිය උත්පාදනය සඳහා යන පිරිවැය ලංකා විදුලි බල මණ්ඩලය ඇස්තමේන්තුගත කර තිබෙන මුදලට සාපේක්ෂව රුපියල් බිලියන 16.2 කින් අඩු වන බවයි, එම කොමිසම පෙන්වා දෙන්නේ.
තාප විදුලිය වෙනුවට ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීම මගින් පිරිවැය අඩුකර ගත හැකි බව ද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
ලංවිම යෝජනාව පිළිගන්න බෑ… විදුලි බිල 12%කින් අඩු කරන්න පුළුවන්..! – මහජන උපයෝගිතා කොමිසම…
2025-01-01T00:38:00+05:30
Gossip Lanka Hot News






