කැබිනට් මාධ්‍ය හමුවේදී කතානායකතුමාගේ ‘ආචාර්ය’ තනතුරේ ප්‍රශ්නය ඇදෙයි! කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද කෙළින් උත්තරයක් නොදී උත්තරේ පස්සට දමයි! VIDEO
කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කතානායක අශෝක රන්වල නුදුරු දිනයකදී ප්‍රකාශයක් කරනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය. කැබිනට් මාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා ප්‍රකාශ කරන ලද්දේ කතානායකවරයාට චෝදනා එල්ල කිරීම මේ දිනවල පිරිසකගේ ප්‍රධාන කටයුත්තක් වී ඇති බවයි.
කතානායකවරයාට එල්ලවන චෝදනා සත්‍ය වුවහොත් ගනු ලබන පියවර ගැන විමසූ අවස්ථාවේදී ඇමැතිවරයා කියාසිටියේ, කතානායකවරයා සිය පිළිතුර ලබාදුන් පසු ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සිය අදහස ප්‍රකාශ කරනු ඇති බවයි.
කැබිනට් මාධ්‍ය හමුවේදී කතානායකතුමාගේ ‘ආචාර්ය’ තනතුරේ ප්‍රශ්නය ඇදෙයි! කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද කෙළින් උත්තරයක් නොදී උත්තරේ පස්සට දමයි! VIDEO
2024-12-10T12:16:00+05:30
Gossip Lanka Hot News