gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී හඳුනා නොගත් උණ රෝගයකින් දින 02ක දී 03ක් මිය යයි…

හඳුනා නොගත් උණ රෝගයකින් යාපනය ශික්ෂණ රෝහල තුළ දින දෙකක් ඇතුළතදී පුද්ගලයින් තුන් දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ඊයේ (09) පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී.සත්‍යමූර්ති ප්‍රකාශ කළේ එම මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් කීපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹට යවා ඇති බවයි.

උණ රෝගය වැළදීම නිසා මේ පුද්ගලයින් රෝහල් ගතව සිටියදී මියගොස් ඇතත් එම උණ රෝගය නිශ්ඡිත වශයෙන් හඳුණා ගැනීමට පෙර ඔවුන් මියගොස් තිබීම නිසා රෝහලේ වෛද්‍යවරුන් බරපතල ප්‍රශ්නයකට මුහුණ් පා ඇත.

යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු හා නාවට්කුලි ප්‍රදේශයේ වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු හා කිළිනොච්චිය රෝහලෙන් යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කළ වයස අවුරුදු 28 ක පුද්ගලයෙකු මෙසේ මිය ගොස් තිබේ.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කලේ උණ හා කැස්ස වැළදී ඇති රෝගීන් වහාම ළඟම පිහිටි රජයේ රෝහල වෙත ගොස් රුධිර සාම්පල පරීක්ෂාවක් සිදු කර ගැනීම ඉතා වැදගත් බවය.

-දිනසේන රතුගමගේ 
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka