gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ ලොක්කා අනිවාර්ය නිවාඩු යවයි

ජාතික ඖෂධ නියාමනාධිකාරිය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරි තුෂාර රණදේව අනිවාර්ය නිවාඩු යවා ඇත.

බාහිර සමාගම්වලට ඖෂධ නියාමන අධිකාරියේ රහස්‍ය තොරතුරු ලබාදෙන බවට අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම විසින් එම තීරණය ගෙන ඇත.

තවද ඔහු පාවිච්චි කළ සියලු බඩුමුට්ටු වහාම බාරදෙන ලෙසත් යම්කිසි කාරණයකට හෝ ආයතන පරිශ්‍රයට පැමිණිය හැක්කේ තමාගේ අනුමැතිය අනුව පමණක් බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අනිවාර්ය නිවාඩු යවමින් භාරදී ඇති ලිපියේ සඳහන් වේ.

රහස්‍ය තොරතුරු බාහිර සමාගම් වලට ලබාදී ඇති බවට චෝදනා කරමින්, ඖෂධ නියාමන අධිකාරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුගේ පෞද්ගලික ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka