වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ ලොක්කා අනිවාර්ය නිවාඩු යවයි
ජාතික ඖෂධ නියාමනාධිකාරිය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරි තුෂාර රණදේව අනිවාර්ය නිවාඩු යවා ඇත.
බාහිර සමාගම්වලට ඖෂධ නියාමන අධිකාරියේ රහස්‍ය තොරතුරු ලබාදෙන බවට අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම විසින් එම තීරණය ගෙන ඇත.
තවද ඔහු පාවිච්චි කළ සියලු බඩුමුට්ටු වහාම බාරදෙන ලෙසත් යම්කිසි කාරණයකට හෝ ආයතන පරිශ්‍රයට පැමිණිය හැක්කේ තමාගේ අනුමැතිය අනුව පමණක් බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අනිවාර්ය නිවාඩු යවමින් භාරදී ඇති ලිපියේ සඳහන් වේ.
රහස්‍ය තොරතුරු බාහිර සමාගම් වලට ලබාදී ඇති බවට චෝදනා කරමින්, ඖෂධ නියාමන අධිකාරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුගේ පෞද්ගලික ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.
වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ ලොක්කා අනිවාර්ය නිවාඩු යවයි
2024-12-09T07:01:00+05:30
Gossip Lanka Hot News






