gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තාජුඩීන්ගේ ඝාතනය හොයාගෙන යද්දී DIG අනුර සේනානායකගේ දුරකතන සංවාද දෙන්න ‘ඩයලොග්’ එක බෑ කියලා! ගෝඨාගෙයි-අනුරගෙයි දෙන්නාගේම උපදේශක හාන්ස් විජේසූරියටත් බරපතළ චෝදනාවක්!

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වූ අනුර සේනානායක ඇතුළු පිරිසගේ දුරකථන සංවාද ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ ඩයලොග් ප්‍රධාන විධායක නිලධාරියා ජනාධිපති උපදේශකවරයකු ලෙස පත්කර ඇති බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කළ චෝදනාවකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ එම දුරකථන ඇමතුම්වලට අදාළ දත්ත විමර්ශන නිලධාරීන් වෙත ලැබී ඇති බවයි.

“රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන රජය ගෙන ගිය පරීක්ෂණ නතරවූයේ ඩයලොග් සමාගම හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වූ අනුර සේනානායක ඇතුළු පිරිස කළ දුරකථන ඇමතුම්වල දත්ත ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් පැවසීය.

“එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හාන්ස් විජේසූරිය ඩිජිටල් තාක්‍ෂණ සංවර්ධනය පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පත්කර තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ඊට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියාසිටියේ තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අවශ්‍ය දත්ත විමර්ශන නිලධාරීන් වෙත ලැබී ඇති බවයි.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකර වගකිවයුත්තන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ හාන්ස් විජේසූරිය ස්වේච්ඡා පදනමින් කටයුතු කරන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka