ලංකාT10 – තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ගෝල් මාවලස් හිමිකරු රිමාන්ඩ් …
මේ වනවිට මහනුවර පල්ලේකැලේහි පැවැත්වෙන “ලංකා T 10 සුපර් ලීග්” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරුවන ඉන්දීය ජාතිකයා ලබන16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
‘ගෝල් මාවල්ස්’ කණ්ඩායමේ හිමිකරු තරඟ පාවාදීමේ චෝදනාව මත ක්‍රීඩාවට අදාළ විෂමාචාර වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් පල්ලෙකැලේ දී අත් අඩංගුවට ගෙන තිබිණි. .
ලංකා T10 ලීග තරගාවලියට සහභාගි වන බටහිර ඉන්දීය ක්‍රීඩකයෙකුට තරගයක් පාවාදීමක් සඳහා මුදල් ලබාදී ඇති බවට එල්ල වූ චෝදනාවක් මත මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා විය.
මේ පිලිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් විශේෂ පොලිස් ඒකකයට විධිමත් පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබිණි.
ලංකාT10 – තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ගෝල් මාවලස් හිමිකරු රිමාන්ඩ් …
2024-12-13T16:40:00+05:30
Lanka Hot News






