චන්ද්‍රසේනටත් දේශපාලන සරණාගතයින් සඳහා වූ රැකවරණය හිමි වේ!
පසුගිය මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරඟ වැද පරාජයට පත්වූ හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (23) සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත්තේය.
දේශපාලන ආරංචි මාර්ග පවසනා පරිදි චන්ද්‍රසේන මහතා නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්දවීම සඳහා ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙම තීරනය ගෙන ඇත.
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතින් ඔහු පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේ ය.
කෙසේවෙතත් හිටපු අමාත්‍යවරයා සර්වජන බලය පක්ෂයේ නායකත්ව මණ්ඩලයටද පත් කිරීමට කටයුතු කර ඇත.
චන්ද්‍රසේනටත් දේශපාලන සරණාගතයින් සඳහා වූ රැකවරණය හිමි වේ!
2024-12-23T13:09:00+05:30
Gossip Lanka Hot News






