gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උඩින් ගියේ තුන් පාරයි... ඒකත් රනිල් – මෛත්‍රීගේ කීමට!

පසුගිය කාලයේදී හිටපු ඇමතිවරුන් 15 දෙනෙකු විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පැවසූ බවට වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක දැනුම්දීමක් කර ඇත.

හිටපු අමාත්‍යවරුන් වෙනුවෙන් වෙන් කර තිබෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව 66ක් වන බවත් ඉන් ගුවන් ගමන් වාර 03ක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක වෙනුවෙන් වෙන් කර ඇති බවත් වාර්තා කර තිබුණේය.

මෙම ඇමතිවරුන් සිය ප්‍රවාහන අවශ්‍යතා සදහා මෙලෙස ගුවන් හමුදාවේ ගුවන් යානා යොදාගෙන තිබුණේ 2019 වසරේ සිට 2020 වසර දක්වා වූ කාලය තුළදී බවත් ගුවන් ගමන් බොහොමයකට මුදල් වැය කර ඇතැයි පැවසෙන්නේ රජයෙන් බවද වාර්තා කර තිබුණේය.

තමන් විසින් අමාත්‍ය ධුර දරන ලද කිසිදු අවස්ථාවක තමන්ගේ පෞද්ගලික හෝ රාජකාරී අවශ්‍යතා සදහා ගුවන් හමුදාවේ ගුවන් යානා පෞද්ගලිකව ලබාගෙන නොමැති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සදහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු කතානායක කරු ජයසූරිය සහභාගී වූ ඇතැම් රාජ්‍ය කටයුතු සදහා තමන්ද සහභාගී කරගත් අවස්ථා තුනකදී පමණක් ඔවුන් සමග තමන් එම අවස්ථා සඳහා සහභාගී වීමට ගුවන් යානා වලින් ගමන් ගෙන ඇති බවද පාඨලී චම්පික රණවක සදහන් කරයි.

ඒ සදහා රාජ්‍ය මුදල් වැය කිරීම, හිටපු අමාත්‍යවරුන් තමන්ගේ අවශ්‍යතා සදහා ගුවන් හමුදාවේ ගුවන් යානා භාවිත කිරීම යන කරුණු සමස්තයක් ලෙස සඳහන් කිරීම කරුණු විකෘති කොට අවලාද ස්වරූපයෙන් වාර්තා කිරීමක් බව පාඨලී චම්පික රණවක සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka