‘කිරුළපන ධම්මවිජය හාමුදුරුවෝ’ කියන්නෙ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඇතුළේ අතිශය කතාබහට ලක්වෙන හිමිනමක් කිවුවොත් වැරදි නැහැ.
ඒ, රට හැර යන්න ගත් තීරණය ගැන සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තැබීමත් එක්කයි.
ඒ සටහනේ මෙහෙමත් ලියලා තිබුණා.
“භික්ෂුවක් ලෙස ලංකාද්වීපයේ සිදු කළ ධර්ම දූත සේවාවෙන් සහ ධර්ම ප්‍රචාරක කටයුතු වලින් මින් මතු සදහටම සමුගනිමි.