gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘සයිටම්’ රෝහල ගැන ආණ්ඩුව තීන්දුවක් අරන්! අලුත් ‘මොඩ්ල්’ එකක් ගේන්න ලෑස්තියි!

මාලඹේ  නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට විධිමත්ව පවරා ගනිමින් සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් එය වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර ඇත.  

තවද, මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ‍ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සඳහා පුහුණුව ලබාදීමට අවශ්‍ය පහසුකම් සහ සම්පත් සහිත රෝහලක් නොතිබීමෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  මහතාගේ විශේෂ අවධානය යොමුව ඇති අතර ඒ සදහා වූ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය  හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්වුණා.

මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුව සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගැනීම සඳහා පහුගිය ආණ්ඩු විසින් යෝජනා කර තිබුණත් මේ වන විටත් එම රෝහලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය අවම මට්ටමක පවතින බව මෙම සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

“නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට විධිමත්ව පවරා ගෙන වෛද්‍ය කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යොමු කරලා සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරලා සංවර්ධන වැඩපිළිවෙළක් සකස් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළත් කණ්ඩායමට භාර දීලා තියෙනවා, ඒ වාර්තාව දෙසැම්බර් වන විට ලැබෙන්න නියමිතයි, ඒ අනුව, නෙවිල් ප්‍රනාන්දු රෝහල විශේෂ මොඩලයක් යටතේ සංවර්ධනය කිරීමටත් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන් සඳහා ආචාර්ය ඒකකය සහිත ශික්ෂණ රෝහලක් බවට නාගොඩ රෝහල සංවර්ධනය කිරිමටත් එකඟතාවයකට පැමිණුනා”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka