පාර්ලිමේන්තු සේවකයන්ගෙන් එල්ල වූ චෝදනා සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරියා හදිසියේම වෙනත් ස්ථානයකට මාරු කර යවා ඇති බව වාර්තා වේ.
මෙම වෛද්‍ය නිලධාරියාට එරෙහිව විවිධ චෝදනා කරමින් සේවකයන් තුන්සියයකට ආසන්න පිරිසක් අත්සන් කළ පෙත්සමක්ද පාර්ලිමේන්තු බලධාරීන්ට පසුගියදා බාරදී ඇත.
මෙම වෛද්‍ය නිලධාරියා සේවකයන්ට සහ හිටපු සේවකයන්ට ඖෂධ නිකුත් කිරීමේදී නීතියට අනුකූලව කටයුතු කර තිබූ බවත් සමහරුන් ඊට දැඩි ලෙස විරුද්ධව සිටි බව ඇතැම් සේවකයෝ සදහන් කරයි.