gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ රජයේ බංගලා 50ක්, රට පුරා ජනාධිපති මන්දිර 07ක්, රට පුරා අග්‍රාමාත්‍ය නිල නිවාස ආර්ථික ලාභ උපදවන තැන් කරන ක්‍රමවේදයක් හදන්න නිලධාරී කමිටුවක්!

රාජ්‍ය පරිපාලන පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනයවන බංගලා නිවාස, විසුම් පාය, ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පාලනයවන විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීම පිණිස යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා රජය විසින්  විශේෂ නිලධාරී කමිටුවක් පත් කර තිබේ.

මෙම කමිටුව පත් කරන්නේ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහාය.

ඒ අනුව කොළඹ 05 සහ කොළඹ 07 ප්‍රදේශවල පවතින රජයේ බංගලා නිවාස 50ක් , ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය,  අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය බෙන්තොට ප්‍රදේශවල පවත්වාගෙන යන ජනාධිපති මන්දිර 09ක් පවත්වාගෙන යන බවත් එම ඌණ උපයෝජිත දේපල ආර්තිකයට වාසි සහගත ලෙස හසුරුවන ආකාරය සම්බන්ධව තීන්දු කිරීම සඳහා මෙම නිලධාරී කමිටුව පත් කර ඇති බවත්,  කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති  වෛද්‍ය නලින්ද ජයතිස්ස  කීවේය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශවරයා මෙසේ ද පැවසුවේය.

” මේ ජනාධිපති මන්දිරවලින් කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැරුණකොට ඉතිරි ජනාධිපති මන්දිර නිරන්තරයෙන් භාවිතාවට ගන්නෙ නෑ. නමුත් ජනාධිපතිවරයා කොයි මොහොතක හෝ ඒ මන්දිරවල කාලය ගත කරන්න පැමිණෙතැයි කියන අපේක්ෂාව සහිතව එම මන්දිර නඩත්තු කරන්න විශාල වැය බරක් රජය මගින් දරනවා. ”

” ඊට අමතරව කොළඹ 2 විසුම්පාය දැනට අයිති වෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලනයට. එයත් අප නඩත්තු කරගෙන යනවා. ඒ හැරුණ විට නුවරඑළිය සහ තවත් ප්‍රදේශ කීපයක අග්‍රාමාත්‍ය නිල නිවාස පවත්වාගෙන යනවා. ”

“මේ ආකාරයට කොළඹ 05 සහ කොළඹ 07 ප්‍රදේශවල පවත්වාගෙන යන රජයේ බංගලා. රට පුරා ඇති ජනාධිපති මන්දිර, අග්‍රාමාත්‍ය නිල නිවාස වැනි මේ ආකාරයේ රජයේ දේපල නඩත්තුවට ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් වියදම් කරනවා. මේ දේපල පවතින්නේ ඌණ උපයෝජිත තත්ත්වයේ. මේවයින් ආර්ථික වශයෙන් රජයට ලබා ගත හැකි ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ. ”

මේ නිසා ඉහත කී නිවාස ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කළ හැකි පරිදි යෝජිත ක්‍රමවේදයක් සකස් කිරීමට නිලධාරී කමිටුවක් පත් කිරීමට තමයි ජනාධිපතිවරයා සහ රාජය පරිපාලන පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය තුමා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කළේ. ”

” එම නිලධාරී කමිටුවට මේ අමාත්‍යාංශවල නිලධාරීන් අයත් වෙනවා. නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් විසින් නම් කරන ලද අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් රාජය පරිපාලන පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් නම් කරන ලද අතිරේක ලේකම්වරයෙක්,  මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නම් කරන ලද අතිරේක ලේකම්වරයෙක් හෝ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාවරයා විසින් නම් කරන ලද අතිරේක ලේකම්වරයෙක්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, සහ ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය විසින් නම් කරන ලද නිලධාරීවරයෙක් මෙම තීන්දු ගැනීම සඳහා පත් කරන කමිටුවට ඇතුළත් වෙනවා….”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka