රටම බලාසිටින දිනය අදයි... නව කථානායක තෝරන්න ඡන්දයක්!
අද (17) දින පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනෙකු දිවුරුම් දීමට නියමිත අතර අනතුරුව නව කථානායකවරයා පත් කිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තුවේ 28 වැනි කථානායකවරය තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී පෙරවරුවේ පැවැත්වෙන අතර කථානායක ධුරය සදහා ආණ්ඩුව පාර්ශ්වයෙන් හා විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් යෝජනා කිරීමට නියමිතව ඇත.
කථානායක ධූරය සදහා ආණ්ඩුව පාර්ශ්වයෙන් ජාතික ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ සමගි ජන බලවේග පක්ෂයෙන් රෝහිනී කුමාරි විජේරත්න යෝජනා කිරීමට නියමිත බව වාර්තා වේ.
නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වෙයි.
රටම බලාසිටින දිනය අදයි... නව කථානායක තෝරන්න ඡන්දයක්!
2024-12-17T07:06:00+05:30
Gossip Lanka Hot News





