gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මේ ආන්ඩුවෙන් අපිට ලයිෂන් ලැබුනා.. තව පොඩි කාලයක් දෙන්න” – නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා

හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පෙරේදා  (24) දිනයේ පැවැත්වුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාගේ සභාපතිත්වයෙනි, හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ පැවති කමිටු රැස්වීමට දිස්ත්‍රික්කය නියෝජනය කරනා රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගී විය.

එහිදී නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා අදහස් දක්වමින් කියාසිටියේ, පාතාලය සහ මත්ද්‍රව්‍ය අවසන් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් එම වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය පොලීසියට අවශ්‍ය බවත් ය.

“මම උප පොලිස් පරීක්ෂක කාලෙත් කුඩු ඇල්ලුවා, පොලිස් පරීක්ෂක කාලෙත් කුඩු ඇල්ලුවා, සහකාර පොලිස් අධිකාරීවරයෙක් උනාමත් ඒක කෙරෙව්වා, ජේෂ්ඨ පොලිස් අධිකාරී වෙලත් කළා, දැන් නියෝජ්‍ය පොලිස්පති වෙලත් ඒක කරනවා. හැබැයි මේක නතරවෙලා නෑ. මේක ඔබ තමුන්නාන්සෙලා සියලුදෙනාම තේරුම් ගත යුතුයි, මේක ජාතික කර්ත්‍යවයක්. පොලීසියට මේක තනියම කරන්න බෑ.

කිසිම පොලිස් ස්ථානාධීපතිවරයෙක්ට නව රජය යටතේ කුඩු කාරයෙක් නිදහස් කරන්න කියා හෝ ඇප දෙන්න කියා කෝල් එකක් ඇවිත් නෑ.. ඒක මම වගකීමෙන් කියනවා, මටත් කව්රුත් කතා කරේ නෑ. ඒ නිසා අපිට වැඩකරන්න හොඳ පරිසරයක් හැදිලා තියනවා. හැබැයි අපිට කාලය දෙන්න. යුද්ධය අවසන් කරන්න අව්රුදු 30ක් ගියා, මේක ඊට වැඩිය යුද්ධයක්.

පාතාලය නැතිකරන විදිය අපි දන්නවා, මේක මහා ලොකු දෙයක් නෙවේ, අපි තමයි ලයිෂන් චන්ඩි, පාතාලෙට ඕනෙ විදියට කටයුතු කරන්න බෑ, ඒ ලයිෂන් චන්ඩින්ට ලයිෂන් චන්ඩි විදියට වැඩකරන්න අවස්ථාවක් තිබුනේ නෑ, දැන් ඒ අවස්ථාව ඇවිත් තියෙනවා.. අපිට පොඩි කාලයක් දෙන්න.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka