ගවේෂණාත්මක මාධ්‍යකරුවෙක් ලෙස එංගලන්තයේ ජීවත් වෙමින් ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනිමේ ජාත්‍යාන්තර සංවිධානය නැමැති සංවිධානය මෙහෙයවන හිටපු පොලිස් පරීක්ෂක ආනන්ද ධර්මපාල තමන්ට පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවගෙන් මරණීය තර්ජන ඇති බවට නීතිය හා සාමය භාර අමාත්‍යාංශ ලේකම් රවී සෙනවිරත්න වෙත ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.
නියෝමාල් රංගජීව යනු මත්ද්‍රව්‍ය උවදුර වැලැක්වීම සඳහා කැපී පෙනෙන මෙහෙයුම් ගණනාවක් දියත් කළ ඒ නිසාම පාතාලයේ ඉලක්ක මරණීය තර්ජනයට ලක් වුන, සැලසුම් සහගත ඝාතන කුමන්ත්‍රණයකින් දිවි ගලවා ගත් කැපී පෙනෙන පොලිස් නිලධාරියෙකි. හිටපු පොලිස් පරික්ෂක අජිත් ධර්මපාල පොලිසියේ සහ දේශපාලනයේ දූෂණ හෙළි කරමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන මාධ්‍යවේදියෙකි. තමන් නියෝමාල් රංගජීව සම්බන්ධව කළ ප්‍රකාශයක් මුල් කරගෙන රංගජීව විසින් මෙම මරණීය තර්ජනය මුහුණු පොත හරහා එල්ල කර ඇති බව ආනන්ද ධර්මපාල චෝදනා කරයි. පහත දැක්වෙන්නේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව සිය මුහුනු පොතේ පල කර ඇති සටහනය.
එම සටහන සම්බන්ධව හිටපු පොලිස් පරීක්ෂ අජිත් ධර්මපාල ආරක්ෂක ලේකම් වෙත යවා ඇති ලිපිය පහත දැක්වේ.
ගරු ලේකම් තුමා
රවි සෙනවිරත්න මහතා
නීතිය හා සාමය භාර අමාත්‍යංශය
කොළඹ.
07/12/2024.
පොලිස් පරීක්ෂක නියුමාල් රංග ජීව විසින් මරණ තර්ජනය කිරීම.
______________________
ආනන්ද ධර්මපාල (අජිත් ) හිටපු පොලිස් පරීක්ෂක වරයෙකු වන මා දැනට එංගලන්තයේ ජීවත් වෙමි. මා ගවේෂණාත්මක මාධයකරුවෙකු ලෙසට මේ වන විට ක්‍රීයා කරමි. ශ්‍රී ලංකා පොලිසිය හා විශේෂ කාර්‍ය බලකායේ සමහර නිලධාරීන් සිදු කරන අනීතික හා නිති විරෝධි ක්‍රීයාවන් පිලිබදව මා අවස්ථා ගනනාවකදී රටේ ජනතාවට හෙලි කලෙමි. හිටපු ඇමති ටිරාන් අලස් විසින් පටු දේශපාලන උවමනාවක් වෙනුවෙන් කිසිදු පදනමක් නොමතිව මෙම රංග ජීව නැමති නිලධාරීයා විශේෂ කාර්‍ය්ය බලකායට අනුයුක්ත කලබව මාහට වරුණ ජයසුන්දර නියෝජය පොලිස්පතිවරයාම පවසා ඇත. ඒපිලිබදව මා යුටියුබ් නාලිකාවෙන් ප්‍රචාරය කලෙමි. ගවේෂණාත්මක මාධයකරුවෙකු ලෙසට ක්‍රීයාකරන මා හට අද (07) දින පොලිස් පරීක්ෂක නියුමාල් රංගජීව ඔහුගේ මුහුණු පොතේ “අජිත් ධර්මපාල උඹ එයාපෝට් එකෙන් වරෙන් උඹත් මළමිනියක් ” යනුවෙන් මා මරා දමන වගට තර්ජනය කර ඇත. වසර 16ක් රාජපක්ෂලාගේ තර්ජන නිසා ලංකාවට පැමිණිමට නොහැකිව සිටි මා ඉදිරි දිනයකදී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුව සිටි මාහට මෙය ඉතාම බලවත් ජීවත තර්ජනයකි. මාගේ ජීවිතයට කුමණහෝ හානියක් උවහෙත් ඊට වගකිව යුත්තේ විශේෂ කාර්‍ය්ය බලකායේ අණ දෙණ නිලධාරී වරුණ ජයසුන්දර හා පොලිස් පරීක්ෂක නියුමාල් රංගජීව බවත් , මේ ජීවත තර්ජනය පිලිබදව වහාම විදිමත් පරික්ෂණයක්. සිදුකරන ලෙසත් ,මා සංචාරය සදහා ලංකාවට පැමිණි පසු නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙසත් ඉතා කාරුණිකව ඉල්ලමි.
ajithdharmapala@yahoo.co.uk
00447427420089.
ස්තුතියි
මෙයට ,
අජිත් ධර්මපාල
(ආනන්ද )
07/12/2024