gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බ්‍රෑන්ඩ් නිවු බඩු අඩු මිලට ගන්න ගිහින් වාහන ජාවාරම් කරුවන්ගේ ගොදුරක් නොවන්න… රේගුව ජනතාවගෙන් ඉල්ලයි!

වාහන ආනයනය තවමත් රට තුළ දැඩි ලෙස තහනම් කර ඇති වටපිටාවක වාහන ජාවාරම්කරුවන්ට හසු වී ධනය හා මෝටර් රථය යන දෙකම නැති කර නොගන්නැයි  ශ්‍රී ලංකා රේගුව  මහජනතාවට අවවාද කරයි.

රේගුවේ උසස් නිලධාරීන් පවසන්නේ කොටස් කළ  සුඛෝපභෝගී සහ මිල අධික මෝටර් රථ පසුගිය කාලයේ වාහන අමතර කොටස් ලෙස මෙරටට නැව්ගත කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවය.

බදු දැලෙන් රිංගා නීති විරෝධීව ගෙන්වන මෙම වාහන සාපෙක්ෂ වශයෙන් මිල අඩු බව ද ඔහු පෙන්වා දෙයි. එබැවින් එවැනි වාහන මිලදී ගැනීමට බොහෝ දෙනා පෙළඹීමට හැකි බවත් ඒ නීති විරෝධී ජාවාරමට හසු නොවන ලෙසත් රේගුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය කාලය තුළ  රේගුවට ප්‍රකාශ නොකර කන්ටේනර් තුළ අසුරන ලද මිල අධික මෝටර් රථ ආනයනය කිරීමට ගත් උත්සාහයන් කිහිපයක් රේගු ආදායම් කාර්ය සාධක බලකාය   විසින් ව්‍යර්ථ කර තිබේ.

ජපානයේ සිට පැමිණි අඩි 40 ක කන්ටේනරයක් තුළ අසුරා තිබූ කොටස් කළ සම්පූර්ණ   ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්   ඊයේ අත්අඩංගුවට ගැනීමත් සමඟ එවැනි නවතම උත්සාහයක් ව්‍යර්ථ වී තිබිණි.

රේගු නිලධාරීන් පැවසුවේ  රේගු ආඥාපනත සහ ආනයන අපනයන පාලන බලපත්‍ර දෙකෙහිම රෙගුලාසිවලට පටහැනිව කන්ටේනර්වල පැමිණි Mercedes Benz, BMW සහ හයිබ්‍රිඩ් මෝටර් රථ කිහිපයක් පසුගිය මාස කිහිපය තුළ අත්අඩංගුවට ගත් බව ය.

2020 වසරේ සිට වාහන ආනයනය සඳහා පනවා ඇති රජයේ තහනම තවමත් ක්‍රියාත්මක වන අතර සියලුම වර්ගයේ වාහන ආනයනය (ඇතැම් අත්‍යවශ්‍ය වාහන පන්ති සඳහා නිදහස් කිරීම් හැර) හෝ රේගුවට ප්‍රකාශ නොකර ගෙන ඒම දඬුවම් ලැබිය හැකි වරදකි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka