gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියන් සාගර කලාපයෙන් ඩ්‍රෝන යානාවක් හමුවෙලා!

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ කුඩා ගුවන් යානයක් ධීවරයන් පිරිසකට හමුවී තිබෙනවා.

ගොඩබිම සිට මුහුදු සැතපුම් 35ක පමණ දුරක මෙය තිබී හමුවු බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසා සිටියේ, මෙය ටාගට් ඩ්‍රෝන් වර්ගයේ යානයක් බවයි.

මෙවැනි වර්ගයේ යානයක් මීට පෙර 2020 වසරේදී හමු වූ බවත් ඔහු පැවසුවා.

කිලෝ 40ක් පමණ බරකින් යුත් මෙවැනි යානා ඉන්දියානු ගුවන් හමුදාව පුහුණු සැසිවල ඉලක්ක ලෙස භාවිත කරන බව එවර සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

කෙසේ නමුත් මෙවර සොයාගත් ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙන බවයි පැවසෙන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකරයා පවසා සිටියේ, මෙම යානය හානි දායක නොවන බවත්, පුපුරණ ද්‍රව්‍ය කිසිවක් හමු වී නොමැති බවත්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka