gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රබල ඇමතිට ලොකු ලෙඩක්... මන්ත‍්‍රීකම අහෝසි කරන්නැයි නඩු දමයි!

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ මන්ත්‍රී දුරය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. සමාජ ක්‍රියාකාරී ඕෂල හෙරත් මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙන් පවසන්නේ උපාලි පන්නිල මහතා පසුගිය මහ මැතිවරණයට තරග කරන අවස්ථාවේ රජයේ සේවකයකු ලෙසද කටයුතු කරමින් සිට ඇති බවය.

අමාත්‍යවරයෙක් වශයෙන් පත් කරන අවස්ථාවේදී ද පන්නිල මහතා රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටි බවට පෙත්සම්කරු කියා සිටී.

රජයේ සේවකයේ යෙදී සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවට පත්වීමට නුසුදුසුකමක් බවත් එබැවින් මෙම නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා ඇත.

පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අමාත්‍ය උපාලි පන්නි, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, රුහුණු විශ්වවිද්‍යාල හා එහි උප කුළපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka