අර්ජුන මහේන්ද්‍රන් කුදලන් එන්නැයි නියෝග!
මෙරට විශාලතම මුදල් වංචාව ලෙස සැළකෙන මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පවරා තිබූ නඩුවේ සැකකරුවන් වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂක අජාන් ගාර්දිය පුංචිහේවා,වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට ඇත.
පසුගිය 2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සදහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක අර්ජුන මහේන්ද්‍රන් සැකකරුවකු වශයෙන් නම්කර ඇත.
අර්ජුන මහේන්ද්‍රන් කුදලන් එන්නැයි නියෝග!
2024-12-20T07:10:00+05:30
Gossip Lanka Hot News






