gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සියළුම පළපුරුදු ප්‍රභූ ආරක්ෂකයින් ඇතුළු මහින්දගේ ආරක්ෂාව ඉවතට!

පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවසූවේ වර්ථමාන ආණ්ඩුව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

පෙරේදා (10) දින මානව සම්පත් කළමනාකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලිපියක් මගින් මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත දැනුවත් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එම නියෝගය අනුව ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව පළපුරුදු නිලධාරීන් අතුළුව ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු පැවසීය.

නීතීඥ මනෝජ් ගමගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූවේ ප්‍රභාකරන්ගේ මතවාද ඇති පිරිස් තවමත් තුරන් වී නොමැති බැවින් එම ත්‍රස්තවාදය තුරන් කිරීමට නායකත්වය ලබා දුන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කිරීමට ආණ්ඩුව පියවර ගැනීම ඉතා බරපතළ තත්ත්වයක් බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka