gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද – මෛත්‍රී උඩුගුවනේ රඟපු රජ කෙළි... සියල්ල හෙළිවෙයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙළිකොප්ටරයේ නැගී රට අභ්‍යන්තරයේ සිදුකළ සංචාර 1538ක් සදහා දළ වශයෙන් රුපියල් කෝටි 460ක් පමණ වැය කර ඇතැයි දැනට සිදුකර ඇති ගණනය කිරීමේදී අනාවරණය වී ඇත.

රටේ ජනාධිපතිවරු ගුවනින් ගමන් කිරීමේදී හෙලිකොප්ටර් දෙකක් ගමන් කරන අතර ගුවන් ගත වූ පැය ගණන් පිළිබඳ ගණනය කිරීම සිදුවන බැවින් නිල ගණනය වෙනස්විය හැකි බවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහන් කරයි.

පසුගිය කාලයේදී හිටපු මැති ඇමැතිවරු රට අභ්‍යන්තරයේ හෙලිකොප්ටර් මගින් 66 වතාවක් ගමන් කර ඇති අතර මේ පිළිබඳ නිල ගණනය කිරීමක් තවමත් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරංග ගීගනගේ සදහන් කරයි.

හෙලිකොප්ටරයක් පැයක් ගුවන්ගත කිරීමේදී එහි වාණිජමය වියදම ඇමෙරිකානු ඩොලර් 2200 (රුපියල් 660,000) ක් වන බවත් වාණිජ නොවන වියදම ඩොලර් 1600 (480,000) ක් පමණ වන බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

හිටපු මැති ඇමැතිවරුන් ගුවන් ගතවූ පැය ගණන අනුව ඒ සදහා වැය වූ මුදලද තවමත් නිල වශයෙන් ගණනය කර නොමැති අතර මැති ඇමැතිවරු ගමන් කළ ගුවන් වාර 66 තුළ එක් හෙළිකොප්ටරයක් පැයක් ගුවනේ තිබුණේ වී නම් ඒ සදහා වාණිජ්‍ය වටිනාකම යටතේ ඩොලර් 145.200ක (රුපියල් 43,560,000) පමණ මුදලක් වැය වී ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අභ්‍යන්තර ගුවන් ගමන් ගිය වාර පිළිබඳ තවමත් තොරතුරු ලැබී නැති අතර වත්මන් ජනපති අනුර කුමාර දිසානායක බලයට පත්වී මාස තුනක් ගත වී ගොස් තිබුණත් මේ දක්වා අභ්‍යන්තර ගුවන් ගමන් සදහා සත පහක් වැය කර නැතැයි ද ගුවන් හමුදාව සදහන් කරයි.

වසර 11ක් තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටර් දෙකක් හෝ ඊට වැඩිය පිරිවරාගෙන ගුවන් ගමන් වාර 978ක් ගොස් ඇති අතර අනතුරුව බලය ගත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වසර 5ක් තුළ ගුවන් ගමන් වාර 557ක් ගොස් ඇති බව වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka