කොට්ට මෙට්ට රැගෙන ලොහාන් නැවතත් මහ ගෙදරට!
අද (9) උදෑසන හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඒ, දෙසැම්බර් 06 වන දින කොල්ලුපිටිය මංසන්ධියේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් බීමතින් රිය පැදවීමේ චෝදනා මතය.
අනතුර සිදුවූ අවස්ථාවේ ඔහු සිය ඥාති නිවසකට ගොස් නැවත යමින් සිට ඇති අතර එහිදී හිටපු අමාත්‍යවරයා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බවටද චෝදනා එල්ලවී තිබුනි.
මින් පෙර, පසුගිය ඔක්තෝබර් 30 වන දින ලොහාන් රත්වත්තේ මහතා මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ බිරිඳට අයත් නිවසක තිබී ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී වාහනයක් සොයා ගැනීම හේතුවෙනි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඔහු ඇප මත මුදාහැරුණේ දෙසැම්බර් 05 වන දිනය.
කොට්ට මෙට්ට රැගෙන ලොහාන් නැවතත් මහ ගෙදරට!
2024-12-09T12:35:00+05:30
Gossip Lanka Hot News





