gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇප පිට රටින් පැන්න කුඩු සළිඳු ආයෙත් අතුරුදන්… අත්අඩංගුවට ගන්නැයි නියෝග!

ඇප නිදහස් වූ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබේ.

ඇප මත නිදහස් කිරීමේ දී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස “කුඩු සළිඳු” නැමැත්තාට අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබිණි.

එහෙත් ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (23) කරුණු වාර්තා කළේය.

එම කරුණු සැලකිල්ලට ගෙන “කුඩු සළිඳු” නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. 2020 වසරේ දී ද ඇප මත නිදහස්ව සිටින අවස්ථාවේ ඔහු රටින් පළා ගිය අතර නැවත 2023 වසරේ දී මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගෙන ලංකාවට පිටුවහල් කෙරිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka