gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාධ්‍යවේදී තමිල් සෙල්වම්ට මැර ප්‍රහාරයක්!

ඊයේ (26) සවස 5.30 ට පමණ කිලිනොච්චිය නගරයේදී , මාධ්‍යවේදී තමිල් සෙල්වම මැර ප්‍රහාරයකට ලක්ව තිබේ.

කිලිනොච්චියේ ටෙලිකොම් කාර්යාලය ඉදිරිපිටදි කලු පැහැති වාහනයකින් පැමිණි පිරිසක් තමිල් සෙල්වම්ව පැහැර ගෙන යෑමට උත්සාහ කර තිබෙන අතර එය අසාර්ථක වු තැන  මෙම පහරදිම සිදුකර තිබේ.

කිලිනොච්චිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් තමිල් සෙල්වම්ව නේවාසික ප්‍රතිකාර සඳහා රෝහලේ වාට්ටුවකට මාරුකර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

වීරකේසරී, තිනකරන් සහ උදයන්  පුවත්පත් වල මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන අතර වෙබ් මාධ්‍ය ක්ෂේත්‍රයටද සම්බන්ධ කටයුතු කරනු ලබන අතර  ප්‍රකට සාහිත්‍යකරුවෙකුද වෙයි.

තමිල් සෙල්වම් කිලිනොච්චිය මාධ්‍ය සංගමයේද ප්‍රධානියෙකි.

ඔහු පසුගිය කාලයේ වැඩිපුරම වාර්තා කර තිබුණේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ඡාවාරම් සම්බන්ධයෙනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka