Breaking News : ශිෂ්‍යත්ව විභාග ගැටළුව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අධිකරණ තීන්දුවක්!
මහත් ආන්දෝලනයකට තුඩුදුන් 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීමට අදාල සිදුවීමේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
අගතියට පත් සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාග කිරීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව විනුසුරු මඩුල්ල විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත්තේ මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ තුන අතුරින් සුදුසු නිර්දේශයක් තෝරාගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.
මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමට සම්බන්ධයෙන් වරද කරුවන් සිටිනා පුද්ගලයින් දෙදෙනාට රුපියල් මිලියන පහක වන්දියක් රජය වෙත ගෙවීමටද මෙහිදී නියෝග කර ඇත.
එම දෙදෙනාගෙන් අයි.ජී.එස්. ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන තුනක් සහ චමින්ද කුමාර ඉළඟසිංහ විසින් රුපියල් මිලියන දෙකක්ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බව නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.
Breaking News : ශිෂ්‍යත්ව විභාග ගැටළුව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අධිකරණ තීන්දුවක්!
2024-12-31T17:05:00+05:30
Gossip Lanka Hot News






