gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සල්ලි ගත්තේ ජනාධිපතිවරයා කී නිසයි... දයාසිරි කරුණු පහදයි!

ජනාධිපති අරමුදලෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලබාගත් පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් පසුගිය පාර්ලිමේන්තු රැස්වීමේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අනාවරණයක් සිදුකළ අතර ඒ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නමද කියවුනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (20) පැවසූවේ තමා එම ලබාගත් මුදල එම අරමුදලෙන් නීත්‍යානුකූලව ලබාගෙන ඇති බවත් එවකට සිටි ජනාධිපති, කථානායක සහ විපක්ෂ නායකවරයාගේ අනුමැතියද ඊට හිමිව ඇති බවත් ය.

තමාට 2015 වසරේ හදිසියේ හටගත් හෘදයාබාධයක් වෙනුවෙන් ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතරතුර එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සුව දුක් බැලීමට පැමිණි අවස්තාවේ සිදුකළ දැනුම්දීමකට අනුව එම රෝහල් ගාස්තුවෙන් කොටසක් ජනාධිපති අරමුදල හරහා ලබාගත් බව ජයසේකර මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ නලින්ද ජයතිස්ස මහතා සිදුකළ මෙම ප්‍රකාශය මඟින් ජනතා විමුක්ති පෙර්මුනේ වෛරී දේශපාලනය නැවත වතාවක් රටට පෙන්වා ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka