උසාවියෙන් පන්නපු ලිපිගොනුවක් පස්සේ CIDය පන්නන්න පටන් අරන්!
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ ලිපිගොනුවක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අතුරුදන් වූ නඩු ගොනුව කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළවයි. අස්ථානගත වූ ලිපි ගොනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ සේවය කරන බොහෝ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා අධිකරණ සේවා කොමිෂන් සභාවට කළ දැනුම්දීමකට අනුවයි මෙම විමර්ශන සිදු කෙරුණේ.
කිසියම් කටයුත්තක් සඳහා නිලධාරියෙකු විසින් රැගෙන ගොස් තිබූ නඩු ගොනුව ඉන් අනතුරුව අතුරුදන්ව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
උසාවියෙන් පන්නපු ලිපිගොනුවක් පස්සේ CIDය පන්නන්න පටන් අරන්!
2024-12-08T12:42:00+05:30
Gossip Lanka Hot News





