පක්ෂය වෙනුවෙන් කැපවී වැඩ කර දැන් කළකිරීමෙන් සිටින ජ්‍යෙෂ්ඨයින්, පක්ෂය සමග එකට සන්ධානගත වී සිටි දේශපාලන පක්ෂ සම්බන්ධව නායකත්වය මීට වඩා සාවධාන විය යුතු බවත් තමන් වෙත ලන් වී සිටින අවස්ථාවාදීන්ගේ බොරුවලින් ප්‍රවේශම් විය යුතු බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේය.
ඔහු පවසන්නේ සමගි ජන බලවේගය බිහි වුන දා සිට එකට බැඳී සිටි දිගම්බරන් වැනි දේශපාලකයින් ඉදිරියේ දී සමගි ජන බලවේගය සමග කටයුතු නොකරන බව ප්‍රකාශ කිරීම පවා ඉතාම නරක දෙයක් බවය.
” තවමත් මේවා ගැන අවධානය යොමු කිරීම හරිම අඩුයි. අප කළ යුත්තේ 2025 දි අපේ වැඩපිළිවෙළ ගැන එකඟතාවයක් ඇති කරගෙන බිම් මට්ටමේ ඒ වැඩපිළිවෙළ සහතික කරගන්න එක.
එකඟ කරගත හැකි කණ්ඩායම් එක මතකයට ගොනු කරගැනීමයි කළ යුත්තේ. පක්ෂයක් ලෙස අප බලාපොරාත්තු වන්නේ ඒකයි.
“පක්ෂය දැනගන්න ඕන අවංකව මේ පක්ෂය වෙනුවෙන් කැපවුන, අවංකව වෙහෙස වුන අය එකට එකතු කරන් වැඩ කරගන්න. දැන් බොරු කාරයො ටිකක් ලං වෙලා එක එක දේවල් කියනවා ඇති. ඒකයි ප්‍රශ්නය. ඒගොල්ල අවස්ථාවාදීන්. කාලයක් ඉන්නවා ආයේ නෑ. දිගටම අපේ සන්ධානය වෙනුවෙන් කැප වුන අය ගොඩක් ඉන්නවා. 2019 තීරණයක් අරන් කැපවුන කණඩායමක් ඉන්නවා.” තිස්ස අත්තානයක පවසන්නේ ඔවුන් පක්ෂයට මගහැරී ඇති බවය.
ජාතික ජන බලවේගය රජයක් ලෙස ගොඩනැගුනේ දක්ෂිණාංශික කණ්ඩායෙම දෙකට බෙදි ඇණකොටා ගැනීමේ ප්‍රතිඵලයල් ලෙස බව අවධාරණය කළ තිස්ස අත්තනායක ඊලඟ ජයග්‍රහණය ජාතික ජන බලවේගයට ලබා නොදීමට නම් දෙපාර්ශවයම අඩියක් පසුපසට තබා එකඟ විය නොහැකි කරුණු අත්හැර එකඟවිය හැකි කරුණු මත පමණක් හෝ එක් වී වැඩ කළ යුතු බවය.
දුරකථනය සහ එක්සත් ජාතික පක්ෂය එකතු නොවන්නේ නම් මින් ඉදිරියට මේ දේශපාලන පක්ෂ දෙකටම දේශපාලන ගමනක් නැති බව ද තිස්ස අත්තනායක අවධාරණය කළේය. සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් ද කළකිරීමට පත් වී සිටින බව කී තිස්ස අත්තානයක දැන් කළ යුත්තේ මැතිවරණ පරාජය සම්බන්ධ අඳෝනා කියමින් සිටීම නවත්වා 2025 වසරේ සිට නව දැක්මක් සහිතව දේශපාලනය කරමින් ඉදිරි ආණ්ඩු බලය අත්පත් කරගැනීමට කටයුතු කිරීම බවය.