දුෂ්කර ප්‍රදේශවල අනිවාර්යයෙන් සිදුකළ යුතු වසර 4ක පශ්චාත් වෛද්‍ය සේවය සම්පූර්ණ කරමින් සිටින තම දියණිය කොළඹ අවට රෝහලකට අනුයුක්ත කරන ලෙස ඉල්ලා ලංකා පෞද්ගලික බස්රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බව විශ්වාසක කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
සීමාවාසික පුහුණුව නිම කළ වෛද්‍යවරුන් වසර 4ක කාලයක් සඳහා අනිවාර්යයෙන්ම දුෂ්කර ප්‍රදේශයක සේවය කළ යුතු යුතුව තිබේ. සිය දියණිය මේ වන විට අතිදුෂ්කර නොවන ප්‍රදේශයක සේවයේ යෙදී සිටියදීත් බස් ගැමුණු විසින් මෙම බලපෑම සිදුකිරීම හිසරදයක් තත්ත්වයට පත් වී ඇතැයි ද අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලැබු සිසුවියකවන ඔහුගේ දියණියට කොළඹ ආසන්න ප්‍රදේශයකට ස්ථාන මාරු ලබා ගැනීමට හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ කාලයේ සිට මෙම බලපෑම් සිදුකර ඇතැයි ද තවමත් ඔහුගේ ප්‍රයත්නය අතහැර නැතැයි ද එම ආරංචි මාර්ග හෙළි කරයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසු කල එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ මෙම වෘත්තිය සමිති නායකයා තම දියණියට තාවකාලික පදනම මත කොළඹට ස්ථානමාරුවක් ඉල්ලා සිටින සිටින නමුත් තමාට ඒ සම්බන්ධයෙන් කිසිවක් කීමට නොහැකි බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් වැඩි විස්තර ලබා ගන්නා ලෙසය.
අපි මේ සිදුවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාසගෙන් විමසු කල ඔහු සදහන් කළේ අදාල වෘත්තීය සමිති නායකයා සිය දියණියට ස්ථානමාරුවක් මීට පෙරත් ඉල්ලා සිටි නමුත් එය ස්ථානමාරු මණ්ඩලය ලබා නොදුන් බවය.
මෙවර නැවත සෞඛ්‍ය අමාත්‍යංශය හරහා හොර රහසේ මෙම ස්ථානමාරුව ඉල්ලා සිටිනවා විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් ස්ථානමාරු මණ්ඩලය මැදිහත් වී වහාම සොයා බැලීමක් කරන බවත් වෛද්‍ය සුගතදාස පැවසුවේය.
-lankasara