gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සියල්ල හෙළිවෙයි ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයයේ අධ්‍යාපනය ලබා නොමැති බව දන්වා එවයි.. කථානායකගේ උපාධිය ගැන අනාවරණය මෙන්න.. (video)

කථානායක අසෝක සපුමල් රන්වල ආචාර්ය උපාධිය ලබා ගැනීම සඳහා ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයයේ අධ්‍යාපනය ලබා නොමැති බව එම විශ්වවිද්‍යාලයෙන් දැනුම්දී ඇතැයි අනාවරණය වේ. කථානායකවරයා ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයයේ පශ්චාත් උපාධිය හදාරා ඇත්දැයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශය විසින්, එම විශ්වවිද්‍යාලයෙන් තොරතුරු ඉල්ලා ඇති අතර, එහිදී එම විශ්වවිද්‍යාලය විසින් ලිඛිතව දැනුම්දී ඇත්තේ එවැනි අයකු එම විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපනය ලබා නොමැති බවය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ කොළඹ 07, මල් පාරේ පිහිටි කාර්යාලයයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරළ කියා සිටියේ දසවැනි පාර්ලිමේන්තුවේ 22 වැනි කථානායකවරයා විසින් රටේ තිබෙන උත්තරීතරම පදවිය වන කථානායක පදවිය හෑල්ලුවට ලක්කර තිබෙන බවත්, ඔහු කථානායක තනතුරින් වහා ඉල්ලා අස්විය යුතු බවත්ය.

“පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් ජනවරමක් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න කියලයි. පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ නායකත්වය දැරූ විජිත හේරත් ඇමැතිවරයා විසින් මැතිවරණ සමයේ බෙදාහරින ලද අත්පත්‍රිකාවේ සඳහන් කර තිබෙනවා ගම්පහ අපේක්ෂක අසෝක සපුමල් රන්වල මොරටුව විශ්ව විද්‍යාලයයෙන් උපාධිය ලබා අනතුරුව ජපානයේ ෂිං ජුකු නගරයේ වසේඩා විශ්වවිද්‍යාලයයේ පශ්චාත් උපාධිය හැදෑරූ බව. නමුත්, එම විශ්වවිද්‍යාලය මේ බව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ තිබෙන උත්තරීතර ආයතනයක්. මේ රටේ තනතුරු අනුව ජනාධිපති, අගමැති ළඟට ඊළඟට සිටින්නේ කථානායකවරයායි. පාර්ලිමේන්තුවේ තිබෙනවා උසස් නිලතල කාරක සභාව. මේ කාරක සභාවෙන් තමයි අමාත්‍යංශ ලේකම්වරු, අනෙක් රටවල්වලට තානාපතිවරු පත්කරලා යවන්නේ. මේ කාරක සභාවේ සභාපතිත්වය දරන්නේත් කථානායකවරයායි.

අපි දැක්කා මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා ලබන සතිය වෙද්දී කථානායකවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරන බව. නමුත්, පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ විද්වතුන් ඉදිරිපත් කර තිබෙන්නේ අපේ පක්ෂයෙන් පමණයි කියලා’’ යැයිද හිටපු මන්ත්‍රිවරිය කියා සිටියාය.

කථානායකවරයා තෝරා පත්කර ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඔහුගේ නම ගරු ආචාර්ය අසෝක සපුමල් රන්වල නමින් සඳහන් කර තිබුණද, ඊයේ (09) වනවිටදී එහි ආචාර්ය කොටස ඉවත්කර ගරු අසෝක සපුමල් රන්වල ලෙස පමණක් සඳහන් කර ඇති අයුරු දැකගත හැකිය.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ කථානායකවරයා මේ දක්වා සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ බවට කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නැති බවත්, ඔහුට ආචාර්ය උපාධියක් තිබෙනවාද, නැතිද යන්න ප්‍රකාශ කරන ලෙසත්ය.

මෙහිදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ කථානායකවරයා මේ සම්බන්ධයෙන් තව දින කිහිපයකින් පැහැදිලි ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවය.

“විටින් විට එක එක කණ්ඩායම් ඔය කාරණය මතු කරලා තිබෙනවා. අපි ඒ අයටත් අවස්ථාවක් දෙමු ඔය එක එක දේවල් කිය කියා ඉන්න. මේ සම්බන්ධයෙන් වගකීම් සහගත ප්‍රකාශයක් කථානායකවරයාගේ පැත්තෙන් සිදු කරාවි’’ යැයිද ඇමැතිවරයා කීවේය.

මේ වනවිට කථානායකවරයා සම්බන්ධයෙන් ඉදිරිපත්වී තිබෙන තොරතුරු සත්‍ය නම් ගන්නා පියවර කුමක්දැයි මාධ්‍යවේදියකු ඔහුගෙන් විමසා සිටියදී ඇමැතිවරයා කියා සිටියේ “කථානායකවරයා තමන්ගේ සුදුසුකම් ඉදිරිපත් කරාට පස්සේ ඒක බලමු’’ යනුවෙනි.
-සාලිය කුමාර ගුණසේකර
-aruna

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka