නීති විරෝධීව ආයුධ සන්නද්ධව සිටි ශ්‍රි ලාංකික ද්‍රවිඩ යුවලක් ටොරෙන්ටෝ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. සැක කටයුතු වාහනයක් සම්බන්ධව විමර්ශනයක සිටි ටොරෙන්ටෝ පොලිසියේ 42 බල ඇණියේ නිලධාරින් විසින් එම වාහනය නවත්වා පරීක්ෂා කිරීමේ දී පිරිමි පුද්ගලයාගේ ඇඳුම් අතරින් නිරාවරණය වි ඉනෙහි තිබුණු ගිනි අවියක් දැක ඇත.
පසුව සැකකරු සහ ඔහු ගමන් ගත් වාහනය පරීක්ෂා කිරීමේ දී උණ්ඩ පිරවූ ගිනි අවි දෙකක් පොලිස් අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ටොරොන්ටෝහි පදිංචි 37 හැවිරිදි තනරාජ් තංගරාජා නැමැති පුද්ගලයෙක් සහ ඔහුගේ බිරියවන 37 හැවිරිදි කිෂානි බාලචන්ද්‍රන් නැමැති කාන්තාවකි. පසුගිය සතියේ අඟහරුවාදා (03) ටොරෙන්ටෝ පොලිිසිය විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර තිබිනි.
ඔවුන් දෙදෙනාට එරෙහිව චෝදනා 11 ක් ශ්‍රී ලංකාවේ පොලීසි වල ඇති අතර එම යුවල විසින් මිලියන 720 ක මුදලක් විවිධ පුද්ගලයින්ගෙන් වංචා කොට කැනඩාවට පලාගොස් ඇති යුවලක් බවටද තොරතුරු අනාවරණය වී තිබේ. මෙම අත්අඩංගුව ගැනිම සම්බන්ධව ටොරෙන්ටෝ පොලිසිය නිකුත් කර ඇති නිවේදනය පහත දිගුවෙහි දැක්වේ.
-දිනසේන රතුගමගේ
-lankasara