නි. කතානායකට එරෙහිව වෛද්‍ය සභාවට පැමිණිල්ලක්.. මන්ත‍්‍රීකම අහෝසි කරන්නැයි තවත් පැමිණිල්ලක්..
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.
රිස්වි සාලි මහතා විශේෂඥ වෛද්‍යවරයෙක් යැයි පවසමින් පාර්ලිමේන්තු පැමිණ දැන් සාමාන්‍ය වෛද්‍යවරයෙක් බව පමණක් පවසන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩි තොරතුරු දැන ගැනීමට එම පැමිණිල්ල කරන බව පැවසූ ඔහු අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවටද පැමිණි කරන බවත් සදහන් කලේය.
නියෝජ්‍ය කතානායකවරයාගේ මන්ත්‍රී ධූරය අහෝසි කළ යුතු බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසීය.
අශෝක රන්වල මහතා පමණක් නොව ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ බොහෝ දෙනකුගේ ආචාර්ය, නීතිඥ, වෛද්‍ය පදවි බොහෝමයක් සාවද්‍යයි යැයි තොරතුරු ලැබෙමින් පවතින බවද හෙතෙම තවදුරටත් එහිදී පැවසුවේය.
නි. කතානායකට එරෙහිව වෛද්‍ය සභාවට පැමිණිල්ලක්.. මන්ත‍්‍රීකම අහෝසි කරන්නැයි තවත් පැමිණිල්ලක්..
2024-12-15T23:13:00+05:30
Gossip Lanka Hot News






