gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැසිල්ට යලි ලංකාවට එන්න බෑ..

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් නැතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
දැන් තමන්ට ඇමරිකාවට යාමට බැරි බවත් බැසිල් රාජපක්ෂ මහතාට ලංකාවට පැමිණීමටද නොහැකි බවත් හෙතෙම කියා සිටින්නේ සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

ඇමරිකාව විසින් ඔහුට එරටට ඇතුළු වීම තහනම් කරමින් පැනවූ සම්බාධක ගැන කරන ලද විමසීමකදී ඔහු මෙම අදහස් පළ කර තිබේ.

“මේ වනතෙක් කිසිම නීතිමය ලෙසකින් හෝ මේල් පණිවුඩයකින් හෝ මේ සම්බන්ධයෙන් මාව දැනුවත් කරලා නැහැ.

මට මෙහෙම සම්බාධකයක් දාලා තියෙනවා කියලා මම දන්නෙත් පත්තරේ බැලුවට පස්සේ. ඊට පස්සෙ දන්න කියන දෙතුන් දෙනෙක්ට කතා කරලා තමයි මෙන්න මේ කතාවේ ඇත්ත නැත්ත දැන ගත්තේ.

මට ඇමරිකාවට යන්න එහෙම ලොකු වුවමනාවක් නැහැ. මම යන්න කැමැතිත් නැහැ. මට ඇමරිකාවට යන්න බෑ… ඒ වගේම බැසිල් අයියට ආයේ ලංකාවට එන්නත් බෑ…

ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මට පළමුවැනි ඇමරිකානු වීසා එක නිකුත් වෙන්නේ මීට අවුරුදු තිහකට කලින්. ඒ කියන්නේ 1987 අවුරුද්දේ අගෝස්තු මාසයකදී. එතකොට මම සෝවියට් රුසියාව කියන සමූහාණ්ඩුවේ අධ්‍යාපනය ලබන සිසුවෙක්. ඒ වීසා එක මට ලැබෙන්නේ ඇමරිකාවේ ඉන්න මගේ සහෝදරයෙක් බලන්න යන්න. එතකොට මම ඔවුන්ට ඉදිරිපත් කළේ මගේ සහෝදරයා මට එවපු ලියුමක්. ඒක තිබුණෙත් සිංහලෙන්. ඒ ලියුම බලලා තමයි එයාල මට අවුරුදු පහකට ඇමරිකානු වීසා නිකුත් කළේ. 2018 මාර්තු මාසෙන් පස්සේ මගේ ඇමරිකානු වීසා එක අවලංගු වෙන තාක් කල් මට ඇමරිකානු විසා ලැබුණා. ඒකත් ඒ විදිහට තහනම් වෙන්නේ මේ රජය මට රතු වරෙන්තුකරුවෙක් ලෙස නම් කරපු නිසයි

ඔවුන් මට චෝදනා කරන්නේ මිග් යානා ගනුදෙනුවටනේ. මට ඒ එල්ල කරපු චෝදනා අධිකරණයේදී ඔප්පු වෙලා, මම මේ මිග් යානා ගනුදෙනුවට සම්පූර්ණ වග කියනවා කියලා උසාවිය තීන්දු කළොත් තමයි මම හොරෙක් වෙන්නේ. අනික මට එරෙහිව දාල තියෙන්නෙ විමර්ශන නඩුවක්. බී වාර්තාවක්. ඒකෙන් අදහස් වෙන්නේ පොලිසිය සොයාගන්නා කරුණු උසාවියට ඉදිරිපත් කිරීම. ඒ හැම කරුණක්ම තියෙන්නේ ‘එයා මට කිව්වා.. මෙයා මට කිව්වා..’ කියන විස්තර. ඒවා සාක්ෂි නෙවෙයි. ඒ චෝදනාවලට කාටවත් මට හොරෙක් කියන්න බැහැ. මේ නඩුව අහලා දැනට අවුරුදු දහයකටත් වඩා වැඩියි.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka