gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රන්වලගේ ආචාර්ය උපාධිය ගේන්න ජපන් යයි…

දැනට ඉමහත් ආන්දෝලනයට තුඩුදී තිබෙන කථානායක අසෝක රන්වල මහතාට ඇතැයි කියන ආචාර්ය උපාධියට… අදාළ සහතිකය ජපානයේ වසෝදා විශ්වවිද්‍යාලයෙන් ගෙන්වා ගැනීම සඳහා ඔහුගේ සමීපතමයකු එම විශ්වවිද්‍යාලය බලා යෑමට නියමිතව ඇතැයි වාර්තා වේ.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගයකින් පැවැසුණේ රන්වල මහතාට ඇතැයි කියනු ලබන එම සහතිකය 2005 වසරට පෙර එකක් බවත්, ඒ නිසා එය ඔන්ලයින් මගින් නිකුත් නොකරන බවත් එබැවින් එම සරසවිය වෙත ගොස් එය ලබාගැනීමට සිදුව ඇති බවත්ය.

දැනට එම සරසවිය ඔන්ලයින් මගින් නිකුත් කරන්නේ වර්ෂ 2005 න් පසු සහතික පමණක් බවද වාර්තා වේ.

මේ අනුව රන්වල මහතාට තිබෙන බව කියන ආචාර්ය උපාධි සහතිකය රන්වල මහතාගේ නියෝජිතයකු විසින් එම සරසවිය වෙත ගොස් රැගෙන ඒමට නියමිත බවද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර බී.බී.සී. සිංහල අංශය මගින් කථානායක වරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් රන්වල මහතා ප්‍රකාශ කර ඇත්තේ ජපානයේ වසෝදා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් බවයි. එය ජීව රසායනය සම්බන්ධ ආචාර්ය උපාධියක් බවද ඔහු සඳහන් කර ඇත.

එසේම පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ කථානායකවරයාගේ විස්තර ඇතුළත් වෙබ් පිටුවේ ඔහුගේ නමට ඉදිරියෙන් යොදා තිබූ ‘ආචාර්ය’ කොටස ඉවත් කර ඇති බව නිරීක්ෂණය වුවත් ඊට පසුව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මාධ්‍යයට එවන මාධ්‍ය නිවේදනවල තවමත් කථානායකවරයාගේ නම ‘ගරු කථානායක (ආචාර්ය) අසෝක රන්වල’ ලෙස සඳහන් වේ.

Source – Divaina (Sunday)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka