gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විෂ එන්නත් කර කාන්තාවක් ඝාතනය කළ බව කියන සිද්ධියක් ගැන පොලිස් විමර්ශන

විෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන්නේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන පසුබිමක මෙම මරණය සිදුවීම සැකසහිත බවය.

දික්වැල්ල වත්තේගම දකුණ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් විෂ සහිත එන්නතක් ශරීරගත වූ බව පවසමින් මාතර, බතීගම රෝහලට ඇතුළත් කර තිබුණේ දෙසැම්බර් 20 වනදා පස්වරුවේ දීය.

අනතුරුව තත්ත්වය බරපතළ වීම හේතුවෙන් මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යැවුණු ඇය දින 4ක් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) සවස මියගොස් තිබේ.

ඇයගේ ඥාතීන් පවසන්නේ, නාදුනන පුද්ගලයෙකු නිවසට පැමිණ ඇයට යම් විෂක් එන්නත් කර පලාගොස් ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය සිදුකළ විමර්ශනවලදී අදාළ නිවස අසල පිහිටි CCTV කැමරාවක දර්ශන පරීක්ෂා කර තිබුණි.

ඒ අනුව කිසියම් පුද්ගලයෙකු අදාළ කාන්තාව හමුවීමට පැමිණ නිවසට ඇතුළුවන ආකාරය එහි දැක්වෙයි.

මිනිත්තු කිහිපයකින් පසු නාඳුනන පුද්ගලයා සහ අදාළ කාන්තාව නිවස දෙසින් කලබලයෙන් පිටතට පැමිණෙන අයුරු නිරීක්ෂණය වෙයි.

කාන්තාව ගෙල ප්‍රදේශය අල්ලාගෙන පාර මාරුවී අසල පිහිටි ඥාති නිවසකට දිවයන අතර විෂ එන්නත් කළ බව පැවසෙන පුද්ගලයා යතුරුපැදියෙන් පලායන ආකාරය ද CCTV දර්ශනවල ඇතුළත් ය.

සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දික්වැල්ල පොලීසිය පැවසුවේ අදාළ කාන්තාවට විෂ එන්නත් කළ බව පැවසෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන මාතර අධිකරණයට අද (25) ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවය.

මියගිය කාන්තාවගේ රුධිර සාම්පල රස පරීක්ෂක වාර්තා ලබාගැනීම සඳහා යොමුකර ඇති බව මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙකු පවසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka