gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හබරණ කැබ් රථය තුළ පිලිස්සී මිය ගොස් ඇත්තේ ගම්පහ දෙකටන පදිංචිකරුවෙක්… ඝාතනයක් බවට තොරතුරු ලැබෙයි!

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටුඔය ප්‍රදේශයේදී ඊයේ  (25) නත්තල් දින රාත්‍රියේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සි හමු වු මළසිරුර ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැට හතරක් වයසැති පිරිමි පුද්ගලයකුගේ බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බව මින්නේරිය පොලිසිය සඳහන් කරයි.

කිසියම් වූ දහන ද්‍රව්‍යයක් දමා එම කැබ් රථයට ගිනිතබා ඇති බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවද පොලිසිය පවසයි.

කැබ් රථය අසල වැටී තිබූ ගමන් බෑගයේ තිබී පොලිසිය විසින් සොයාගත් හමු වූ හැඳුනුම්පත සහ අනෙකුත් ලියකියවිලි සමග දෙකටන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව හබරණ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල අප කළ විමසීමකදී සඳහන් කළේය.

පොලිසිය විසින් සොයාගත් බෑගයේ පිලිස්සි මියගිය පුද්ගලයාගේ ඇඳුම් කීපයක් සහ ජාතික හඳුනුම්පතේ පිටපතක් සහ රියදුරු බලපත්‍රයක් ද තිබී හමු වී තිබෙන බව මින්නේරිය පොලිසිය පවසයි.

මෙම සිද්ධිය පිළිබඳව සැක කටයුතු තොරතුරු කීපයක් තිබෙන බවත්, මේ පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයා, අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙන්ම මහේස්ත්‍රාත්වරිය පැමිණ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බවත් මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු පැවසීය.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත, හබරණ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬලගේ මෙහෙයවීමෙන්, මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

-මනම්පිටිය නිමල් ජයරත්න 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka